ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාල සැකකරුවන් තිදෙනෙක් එම නඩුවෙන් මුදා හැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමට එරෙහිව හා ඊට විරෝධය පළ කරමින් ලිපියක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය වෙත බාර දීම අද (06) දිනදී සිදු කර තිබෙනවා.
මාධ්‍යවේදී කසුන් පුස්සවෙළ විසින් අදාළ ලිපිය භාරදී ඇති අතර එම ලිපිය භාරගත් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය පවසා ඇත්තේ , විදේශ සේවා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යදීන්ගේ සංගමය විසින් සකසන ලද ලිපියක් මෙලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වෙත භාරදුන් අතර දැනට බ්‍රිතාන්‍යයේ වෙසෙනෙ යුක්තිය අපේක්ෂා කරන පුරවැසියන් කිහිපදෙනෙක් එම අවස්ථාවේදී මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය ඉල්ලා නිහඬ විරෝධයක ද නියැලි තිබෙනවා.