ජනතාව පාර්ලිමේන්තුව වටලයි

විශාල ජනකායක් මේ වන විට පාර්ලිමේන්තුව අසලට රැස් වෙමින් සිටින බවට වාර්තා වනවා. ඊට කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් ද සහයෝගය දීම විශේෂත්වයක්. අද උදෑසන පාර්ලිමේන්තුවට විශාල ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රධාන පිවිසුම මඟහැර වෙනත් පිවිසුම් භාවිතා කරනු ලැබුවේ සිය ආරක්ෂාව සඳහායි. ඊයේ දින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ නිවෙස් වැටලීමට ජනතාව කටයුතු කළා.