32 C
Colombo
Friday, March 29, 2024

ඇමෙරිකානු එල් එන් ජී ව්‍යාපෘතියට යළි විරෝධතා – විරෝධතා පිටුපස සිටින්නේ චීනයද?

- Advertisement -

බලශක්ති ව්‍යාපෘතියක් ඇමරිකා එක්සත් ජනපදයට ලබා දීමට එරෙහිව ලංකා විදුලිබල මන්ඩලයේ සමිත වෘත්තිය සමිති තිහකට වැඩි ගණනක් විරෝධය පළ කරනවා.

ඔවුන් කෙරවලපිටිය එල්එන්ජී බලාගාරය ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීමට එරෙහිව දිවයින පුරා විරෝධතාවයක ද නිරත වුණා. එමෙන්ම ගැටලුව නිරාකරණය නොකරන්නේ නම් පැය 72ක් රට අඳුරේ තබන බවට ද වෘත්තීය සමිති අනතුරු අඟවා තිබෙනවා.

මෙම විරෝධතාවන් ආරම්භ වුණේ ජී සී එල් චයිනා සමාගම මෙරට එල්එන්ජී බලාගාරයක් ඉදි කිරීම සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩරය පිළිබඳ තාක්ෂණික ඇගයීම් සිදුවෙමින් පවතින අවස්ථාවකයි.

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලැබෙන එම් සී සී ගිවිසුමට එරෙහිව මීට පෙර විරෝධතා එල්ල වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේ කළ ඉල්ලීමක් මත එම් සී සී ප්‍රදානය පිරිනැමුණු නමුත් එය නිල වශයෙන් ලබාදීමට යෑමේ දී ඊට එරෙහිව දිගින් දිගටම විරෝධතා එල්ල වූ අතර ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ රජයේ පාර්ශවය අතර දිග්ගැසුණු වාද විවාද අවසානයේ එම ප්‍රදානය අවලංගු කෙරුණා.

එමෙන්ම ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිතව තිබූ SOFA සහ ඇක්සා ගිවිසුම් සම්බන්ධයෙන් ද මහත් ආන්දෝලනයක් රට තුළ නිර්මාණය කෙරුණේ අමෙරිකානු හමුදා රට තුළ නිදහසේ හැසිරෙනු ඇති බවත් ඔවුන් මෙරට අධිකරණ පද්ධතියට යටත් නොවන බවත් ඒ හරහා භූ දේශපාලනික අර්බුදයක් ඇති වන බව පවසමින්. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ ද ශ්‍රී ලංකාව ගිවිසුම ඉදිරියට ගෙන යෑම ප්‍රතික්ෂේප කළා.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආයෝජන රැසක් ආපසු හැරවීම සඳහා දේශපාලන පක්ෂවල පිටුබලය ලැබෙන ප්‍රබල වෘත්තිය සමිති දැවැන්ත විරෝධතා දියත් කරනු ලැබූ බව නොරහසක්. ඒ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ජාතිකවාදීන්ගේ සහය ද හිමිවනවා. විරෝධතාකරුවන්ගේ ප්‍රධානතම සටන් පාඨය දේශීය සම්පත් විජාතිකයන්ට විකිණීම නවත්වනු යන්නයි.

මෙම විරෝධතා දෙස සමීපව බැලීමේදී ශ්‍රී ලංකාවේ චීන සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව මෙතරම් දැවැන්ත විරෝධතා එල්ල වන බවක් පෙනෙන්නට නැහැ. වෘත්තිය සමිති හෝ ජනමාධ්‍ය ඒවා විවේචනය කරන්නේ ද නැහැ.

උදාහරණයක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම අවලංගු කිරීමට සිදුවූයේ වරාය වෘත්තීය සමිති දියත් කළ දැවැන්ත විරෝධතාව හේතුවෙන්. විරෝධතා මෙහෙය වූයේ චීනය බවට බවටද කටකතා පැතිරුණා. රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුමකට වෘත්තිය සමිති මැදිහත්වීම පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළ කළ අතර පසුව මහින්ද රාජපක්ෂ රජය කොළඹ වරායේ බටහිර පර්යන්තය අදානි සමාගමට ලබා දුන්න ද ඊට එරෙහිව කිසිදු විරෝධතාවක් එල්ල වූයේ නැහැ. එමෙන්ම විරෝධතා එල්ල වූයේ නැගෙනහිර පර්යන්තයට පමණක්ට පමණක් වන අතර CIC පර්යන්තය චීනයට වසර 35කට බදු දී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ එල්එන්ජී බලාගාර ව්‍යාපෘතියට විරෝධය පළ කරන්නේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙන චීන ආධිපත්‍යය ඉන්දියාවේ සහ කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන, රට බරපතළ භූ දේශපාලනික උගුලකට හසු වීමේ පසුබිමක් නිර්මාණය වී ඇති නිසාවෙනි.

පසුගිය ජූනි 8 වනදා නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම කෙරවලපිටියේ එල්එන්ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ මූලික ගිවිසුමකට අත්සන් තැබුවාග එම ගිවිසුමට අනුව එල්එන්ජී බලාගාර දෙකක් ඉදිකරන අතර ඉන් මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 650 එකතු කරනු ඇති.

විදුලි ඉංජිනේරු සංගමය ඇමරිකාවට ව්‍යාපෘතිය ලබා දීමට එරෙහි වන්නේ තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් පසුව පසු ජී සී එල් චයිනා සමාගම තෝරාගෙන ඇති බව පවසමින්. ඔවුන් පෙන්වා දෙන්නේ කෙරවලපිටිය එල්එන්ජී බලාගාරය සඳහා අවශ්‍ය කටයුතු සිදුවන අවස්ථාවක මුදල් අමාත්‍යාංශය මැදිහත්ව ඇමෙරිකානු සමාගමකට එය පැවරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පෙන්වා දෙන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුව චීන සමාගමේ ටෙන්ඩරයක් සලකා බලමින් සිටින අතරතුර කැබිනට් මණ්ඩලය ඇමෙරිකානු සමාගමකට අනුමැතිය ලබාදී ඇති බවයි. රාජ්‍ය සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියක් නොමැති බවටද ඔහු චෝදනා කරනවා.

ඇමරිකාවට අනුව ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් බොහෝ ආර්ථික ප්‍රතිලාභ අත්කර ගෙන තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකාවට සමු දුන් ඇමරිකානු තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් පැවසුවේ ඇමරිකානු සමාගම්වලට ඔවුන්ගේ නව්‍ය භාවිතයන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඇති විභවයන් පිළිබඳ තමන් නිරන්තරයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි. වානිජමය උපදේශනය තානාපති කාර්යාලයේ ප්‍රමුඛ කාර්යයක් අතුරෙන් එකක් බවත් වානිජ නීති සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බවත් තනාපතිනිය සඳහන් කළා.

සිය ධුර කාලය තුළ තානාපතිනිය ටෙන්ඩර් පිරිනැමීමේදී පාරදෘශ්‍යභාවය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිරිගැන්වූවා. එය ව්‍යාපෘතිවල තිරසාරභාවය, ඉහළ ගුණාත්මකභාවය සහ මූල්‍ය වශයෙන් වාසි අත්කර දෙන බවයි තානාපතිනිය පවසන්නේ.

එල් එන් ජී ව්‍යාපෘතිය ඇමරිකාව විසින් ඉල්ලා සිටි එකක් වන අතර එම් සී සී ප්‍රදානයද අවලංගු වී ඇති පසුබිමක දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තුලනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මනා අවබෝධයකින් සිටිනවා.

මුදල් අමාත්‍යවරයා ව්‍යාපෘතිය ඇමරිකාව ලබා දීමට මැදිහත් වන්නේ ඒ නිසාවෙනි එනිසාවෙනි යම් හෙයකින් එය අවලංගු කර ව්‍යාපෘතිය නැවතත් චීනයට ලබාදුන්හොත් ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය බිඳ වැටෙන අතර ඇමෙරිකාව විසින් මෙහෙයවන දැඩි ජාත්‍යන්තර විවේචන වලට මුහුණ දීමට ද ශ්‍රී ලංකාවට සිදුවනු ඇති.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...