26 C
Colombo
Wednesday, January 22, 2025

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට

- Advertisement -

ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන අදහස් විමසීම අද (30) ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ලබන වසරේ  ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම පසුගිය දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කෙරුණා.

ඒ අනුව විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලිබල කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පහසුකම් සැළසීම සඳහා සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන උපදේශනය ක්‍රියාත්මක වනු ඇති.

පළාත් මට්ටමින් පැවත්වෙන මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීම් අද දිනයේ දී ඌව පළාතට අදාළව සිදුකිරීමට නියමිත අතර එය මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.

මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව ලබන වසර සඳහා බලාත්මක වන විදුලිගාස්තු පිළිබඳ අවසන් තීරණය ජනවාරි මස 17 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES