25 C
Colombo
Friday, January 17, 2025

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම හෙට සිට

- Advertisement -

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම හෙට සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට දිනයේ දී මධ්‍යම පළාතේ එම කටයුතු සිදු වන්නේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදීයි.

මීට අමතරව ලබන 30 වනදා ඌව පළාත සඳහාත්, ලබන ජනවාරි 3 වනදා සබරගමුව පළාත සඳහා මහජන අදහස් විමසීම සිදු කෙරෙනවා.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ බස්නාහිර පළාතට අදාළ මහජන අදහස් වීමසීම ලබන ජනවාරි 10 වනදා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිතයි.

එම කොමිසම මීට පෙර නිවේදනය කළේ, විදුලි ගාස්තු අඩු කළ නොහැකි බවට විදුලිබල මණ්ඩලය කළ යෝජනාවට ප්‍රතියෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම පසුගිය දා ප්‍රකාශයට පත් කළ අතර විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ලබන ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES