30 C
Colombo
Friday, July 19, 2024

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

- Advertisement -

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ විදුලි බල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඊට පෙර මෙම මහජන අදහස් විමසීම සිදුකරන බවයි.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී වාචික මහජන ලබා ගැනීමේ සැසිය සිදුකිරීමට නියමිතයි.

අද දිනයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියොජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළා.

මහජන අදහස් විමසීම අවසන් වූ පසු ජුලි මස15 වන දින විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කතරගම – මාතර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහැර පැවැත්වීම හේතුවෙන් අද (19) සහ හෙට (20) දහවල් 12 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන්...

මත්පැන්හල් නිසා හෝමාගම අභිමානය නැතිවෙලා-වජිර බුද්ධි නාහිමියන්

මත්පැන්හල් සහ මස්කඩ නැතිව හෝමාගම නගරය මේ දක්වා අභිමානයෙන් පැවැති නමුත් මත්පැන් අලෙවිහලක් ආරම්භ කිරීමත් සමඟ එම අභිමානය අහිමි වී ගොස් තිබෙන බව හෝමාගම...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසන්නේ උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ  ඔහිය දුම්රිය ස්ථාන...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...