30 C
Colombo
Monday, August 15, 2022

රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍යය ඔස්සේ රජය විවේචනය කිරීම තහනම්

- Advertisement -

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අදහස් පළකිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු රාජ්‍ය සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබනෙවා.

අප කළ විමසීමක දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කළ බවයි.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන බව ඉකුත් සමය පුරාවට නිරීක්ෂණය වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට එරෙහිව විනය පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සිය නියෝගයෙන් දැනුම් දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...