31 C
Colombo
Wednesday, February 12, 2025

විදුලි ගාස්තුව ගැන PUCSL අවසන් තීරණය අද

- Advertisement -

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණා.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළා.

ඒ අනුව, එම යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17වනදා ආරම්භ කළ අතර, එය පසුගිය 10 වනදා අවසන් වුණා.

එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව, විදුලි ගාස්තුව සියයට 20ක පමණ ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවට ජනතාවගෙන් ඉදිරිපත් වූ යෝජනාවල ඇතුළත්ව තිබෙනවා.

එම සියළු යෝජනා අධ්‍යයනය කිරිමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුද නැද්ද හෝ ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් එය කුමන ප්‍රතිශතයක්ද යන්න පිළිබඳව නිර්දේශ ඇතුළත් වාර්තාව අද දිනයේ නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...