27.8 C
Colombo
Friday, April 26, 2024

පූජිත්, හේමසිරිට එරෙහිව නොවැම්බර් 22 -29 දිනපතා නඩු ඇසෙයි

- Advertisement -

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා විභාගය නොවැම්බර් මස 22 සිට 29 දක්වා දිනපතා සිදුකිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (01) නියම කළා.

ඒ සැකකරුවන්ට එරෙහිව චෝදනා 855 බැගින් වූ අධිචෝදනා පත්‍ර දෙකක් ඊයේ නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ විත්තිකරුවන්ට භාරදුන් අවස්ථාවේයි.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වන ඇප මත සිටින හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදි අධිචෝදනා භාර දීම සිදු විය.

එහිදි පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම විත්තිකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් අධිචෝදනා 864 යුත් චෝදනා පත්‍ර දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබුණ ද එම චෝදනා සංශෝධනය කර වර්තමානයේ එක් එක් විත්තිකරු වෙනුවෙන් චෝදනා 855 ක් බැගින් අධිචෝදනා ගොනු කර ඇති බවයි.

එසේම මෙම නඩුවේ, පැමිණිල්ලේ සාක්ෂි කරුවන් වශයෙන් පුද්ගලයින් 1,215 දෙනෙකු ද නම් කර තිබෙන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සංශෝධනය පිළිබඳව නීතිපතිවරයා විසින් ලිඛිතව අගවිනිසුරුවරයා දැනුවත් කර ඇති බවත් චෝදනා පත්‍ර සංශෝධනය කර ඉදිරියට පවත්වාගෙන යාමට අගවිනිසුරුවරයා අනුමැතිය පළකර ඇති බවත් අධිකරණයට හමුවේ කරුණු දැක්වුවා.

ඒ අනුව මෙම නඩු විභාගය සඳහා දිනයක් නියම කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයින්ට භාර දී තිබෙන චෝදනා පත්‍ර අධ්‍යයනය කර විත්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තමන්ට දිනයක් අවශ්‍ය බවයි.

ඒ අනුව මෙම නඩුව නොවැම්බර් මස 22 සිට 29 දක්වා දිනපතා විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කළා.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය 2019 අප්‍රේල් 21 සිදුවූ බෝම්බ පිපිරීමෙන් සිදු වූ ජිවිත හානි වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළ සාපරාධි වගකීම් පැහැර හැරීමක් සිදු කර ඇති බවත්, ඒ අනුව ඔවුන් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් මිනී මැරීමේ වරදට වගකිව යුතු බවටද, තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මිනී මැරීමට තැත් කිරිමේ වරදට වගකිව යුතු බවටද නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අදාළ අධිචෝදනා තුළින් නීතිපතිවරයා පෙන්වා දෙන්නේ විත්තිකරුවන්ගේ ප්‍රබල නොසලකා හැරීම සහ ප්‍රබල පැහැරහැරීම හේතුවෙන් සිදුවූ මරණයන්ට අදාළව විත්තිකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 හා 300 යටතේ මිනී මැරීම හා මිනී මැරීමට තැත් කිරිමේ වරද යටතේ අධි චෝදනා 855ක් ගොනුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...