25 C
Colombo
Monday, March 17, 2025

දරුවන් අපයෝජනය කරන භික්ෂූන්ට දඬුවම් දෙන්න..! – ඇමති විදුර

- Advertisement -

විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහා ම වාර්තාවක් කැඳවූ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ බවත්, විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කරනවා.

මෙවැනි වරදවල් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කළ හැකි ආකාරය සොයා බලන බව පැවසූ අමාත්‍ය වික්‍රමනායක, මේ සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් පවසනවා.

විහාර හා දේවාලගම් පනතට සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනතට සංශෝධන ගෙනැවිත් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට හැකියාව පවතී දැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් කාලීනව මෙම පනත් සංශෝධනය විය යුතු බවත්, විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් මෙම පනත්වල බැඳීමක් තිබෙන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

මෙවැනි කරුණුවලදී සර්වකාලීන විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම වැරදි කරන භික්ෂුන් සිවුරෙන් ඉවත් කිරීම වැනි දණ්ඩන බලගැන්විය යුතු බවත් බුද්ධ ශාසනයෙන් හෝ අනෙකුත් ආගම්වලින් ප්‍රායෝගික මිනිසෙකු බිහිකර ගැනීමට නොහැකි වී තිබෙන බවත්, භික්ෂුන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයන් ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතු බවත් පවසනවා

පුද්ගලයන් අවබෝධයකින් තොරව මහණකමට ඇතුළත් වන තාක්කල් කොතරම් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළ ද ඉන් ප්‍රයෝජනයක් අත්නොවන බවත් තමන් චීවරය දරනුයේ කුමක් සඳහා දැයි ශාසනයට ඇතුළත් වන පුද්ගලයන් කල්පනා කළ යුතු බවත්, දුප්පත්කම හේතුවෙන් කුඩා ළමයින් මහණ කිරීම නිසාවෙන් ද විහාරස්ථානවල ගැටලු ඇතිවන බවත් ඔහු සඳහන් කරනවා.

ජනතාව විහාරස්ථානවලින් ඈත්වීම සම්බන්ධව සියලු දෙනා සොයාබැලිය යුතු බවත්, සෑම විට ම රෝග නිධානයට විසඳුම් සොයා ගැනීම අවශ්‍ය බවත් බොහෝ ගැටලුවලට විසඳුම් ලෙස ස්වාමීන් වහන්සේලාට වෙන වෙන ම නිවාස ඉදිකර දීමට තමාගේ යෝජනාවක් තිබෙන බවත්, මේ සම්බන්ධව මහනායක හිමිවරුන්ගේ අදහස දැන ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...