26 C
Colombo
Friday, December 8, 2023

ඩේලි මිරර් පුවත්පතට හා නිවේදක ධනූට පුෂ්පිකා දුරකතනයෙන් තර්ජනය කරලා. මිරිහාන පොලීසියට පැමිණිල්ලක්

- Advertisement -

විජය පුවත්පත් ආයතනයේ සේවය කරන නිවේදකයෙක් වන ධනූ ඉනසිතම්බි මහතා හට සහ ඩේලි මිරර් පුවත්පතට පුෂ්පිකා ද සිල්වා මහත්මිය දුරකතනයෙන් තර්ජනය කර තිබෙනවා.

ඒ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නිවේදකයෙක් ලෙස කටයුතු කරන ධනූ ඉනසිතම්බි මහතා හා ඇමරිකාවේ Mrs. World ආයතනයේ උප සභාපති ටානා ජොන්සන් මහත්මිය අතර පැවති සම්මුඛ සාකච්ඡාවක් හේතුවෙන්.

අදාළ සම්මුඛ සාකච්ඡාව ඊයේ (31) සවස ඩේලිමිරර් වෙබ් අඩවියේ සජීවීව විකාශය කර තිබෙනවා.

එහිදී මෙරටින් Mrs. World තරඟයට සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළිබදවද සාකච්ඡාවී ඇති අතර එම සාකච්ඡාවේදී මතුවූ කරුණු නිසා උරණවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ධනූ ඉනසිතම්බි මහතා හට ඊයේ පස්වරුවේ දුරකතනයෙන් අමතා තර්ජනය කර තිබෙනවා.

ධනූ ඉනසිතම්බි මහතාටත් ඩේලි මිරර් ආයතනයටත් සිදුකළ එම තර්ජනය සම්බන්ධයෙන් ධනූ ඉනසිතම්බි මහතා ඊයේ රාත්‍රියේ මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන විමර්ශන සදහා අද දිනයේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය මිරිහාන පොලීසියට කැදවීමට නියමිතයි.

මේ අතර පුෂ්පිකා ද සිල්වා මහත්මිය රෝසි සේනානායක මහත්මියටද සිදුකල බරපතල චෝදනාවක් නිසා රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වා මහත්මියට එරෙහිවත් එම ප්‍රකාශය විකාශය කළ චමුදිත සමරවික්‍රම මහතාගේ Youtube නාලිකාවටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව News19 වෙබ් අඩවිය සමග පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...