27 C
Colombo
Monday, May 16, 2022

පුෂ්පිකාගේ සිව්වන ස්ථාන කතාව බොරුවක්

- Advertisement -

නිමාවූ Mrs.World 2021 තරඟාවලියේදී මෙරටින් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සිව්වන ස්ථානය ලැබීම පිළිබද පුවත් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණා.

පුෂ්පිකා ද සිල්වා මහත්මියද සිය Instagram ගිණුමේ සදහන් කර තිබුණේ පැවති තරඟාවලියෙන් තමන් සිව්වන ස්ථානය ලැබූ බවයි.

කෙසේ වෙතත් මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය සදහන් කරන්නේ එම පුවත අසත්‍යයක් බවයි.

Mrs.World, Miss World හෝ Miss Universe වැනි රූ රැජිණියන් තෝරාගන්නා ජාත්‍යන්තර තරඟාවලියකදී පළමු ස්ථානය හැර අනෙකුත් ස්ථාන නම් නොකරන බවයි ඇය සදහන් කරන්නේ.

රූ රැජිණක් තෝරාගන්නා තරඟයකදී අවසානයේ රූ රැජිණ නම් කරන අතර අවසාන දෙදෙනාගෙන් ඉවත්වී යන තරඟකාරිය 1st Runner Up ලෙසත්, ඊට පෙර ඉවත්වී යන තරඟකාරිය 2nd Runner Up ලෙසත් හැඳින්වෙනවා.

ඊට පෙර ඉවත්වී යන තරඟකාරියන් හට ස්ථානයක් නම් කිරීම සිදු නොකරන අතර ඔවුන් අවසන් 15 දෙනාගේ හෝ අවසන් 6 දෙනාගේ වටයට ඉදිරිපත්වූ අය ලෙස පමණක් නම් කෙරෙනවා.

ක්‍රව්ෆෝඩ් මහත්මිය සදහන් කරන්නේ පුෂ්පිකා ද සිල්වා මෙනෙවිය අවසන් 6 දෙනාගේ වටයට පැමිණීම සම්බන්ධයෙන් ඇයට සුභ පැතිය යුතු බවයි.

නමුත් සිව්වන ස්ථානය පිළිබදව ඇයගේ ස්ථාවරය නිවැරදි විය යුතු බව ඇය සදහන් කරනවා.

මේ පිළිබදව අදහස් දක්වමින් 1984 වසරේදී ලක් රූ රැජිණ ලෙස කිරුළු පළදා පසුව ලෝක රූ රැජිණ තරඟාවලියටද සහභාගී වූ ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අවසාන 6 දෙනා අතරට පැමිණීම පිළිබදව ශ්‍රී ලංකාව ලෙස සතුටුවන නමුත් ඇය බොරු ගොතමින් පැවසීම පිළිබදව දුක්වන බවයි.

එම ජාත්‍යන්තර තරඟය සජීවීව බොහෝ දෙනා නැරඹූ බවත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යාන්තරය ඉදිරියේ හෑල්ලුවට පත්වන බවත් ඇය වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජොන්ස්ටන්, දේශබන්දු, සනත් ඇතුළු 22ක් අත්ඩංගුවට ගැනීමට CIDයට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...