24 C
Colombo
Wednesday, January 22, 2025

අයියාගේ නඩුව වෙන උසාවියකට දාන්න – තිළිණ ගමගේ

- Advertisement -

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (30)  අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක්  යවා තිබෙනවා.

ඔහු එම ලිපිය මගින් දන්වා ඇත්තේ, අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ තමාගේ සහෝදරයෙකු වන බැවින් එම නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කරන ලෙසයි.

එම අල්ලස් මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් විමසා බැලීම මෙම අධිකරණයට භාරව ඇති බවත් එම නඩුකරය විනිශ්චය කිරිම තමා ඉදිරියේ සිදු කර කැඳවීමට හැකියාවක් නොමැති බවත් පවසමින් ඔහු යොමු කළ එම ලිපිය මගින් පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ තමාගේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇති අතර ඒ අනුව එම නඩුව විනිශ්චය කිරිම සඳහා සුදුසු මහේස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙසයි තිළිණ ගමගේ මහතා පවසන්නේ.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු දෙදෙනා ලබන 06 වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගනු ලැබූ ඉඩමකට අදාළ වන්දිය කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකදී සළෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු ඉකුත්දා පිටකෝට්ටේ ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිටදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව ඒ මහතාගේ බිරිඳ...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES