30 C
Colombo
Wednesday, February 19, 2025

බුද්ධ පූජාවට දෙතිස් ව්‍යාංජන තියන්න – අනුරුද්ධ පාදෙණිය

- Advertisement -

බුද්ධ පූජාව තැබීමේදී දෙතිස් ව්‍යාංජන තැබීමට රජකල රාජ නියෝගයෙහි සදහන් වූ බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසනවා.

බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ පැවති ‘ආර්ය කතිකාව’ නැමැති වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පලකළා.

එකල රටෙහි පාලකයා වූ රජතුමාගේ ආහාරය සඳහා විවිධත්වයෙන් යුතු විශාල ව්‍යාංජන ප්‍රමාණයක් එක් කරන අතර ඒ තුළින් ඔහුගේ සිරුරට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක අවශ්‍යතාවය සපුරාගත් බවයි පාදෙනිය මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව රාජ නියෝගය වූයේ බුද්ධ පූජාවද දෙතිස් ව්‍යාංජන සහිතව එනම්, ආහාර වර්ග 32 කින් යුක්තව පැවැත්විය යුතු බවයි.

මේ මඟ යමින් තවමත් ශ්‍රී දළදා මැදුරේ බුද්ධ පූජා පිංකම පැවැත්වෙන බව පාදෙනිය මහතා පවසනවා.

විවිධත්වයකින් යුත් ආහාර වේලක් ගැනීම තුළින් කායික හා මානසික නිරෝගී භාවය ලැබෙන බැවින් සංඝයා හට දන් වේලක් පිළිගැන්වීමේදී මේ ආකාරයෙන් විවිධත්වයෙන් යුත් දාන වේලක් පිළිගැන්වීම ගිහි සමාජයේ වගකීම බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES