25 C
Colombo
Friday, January 17, 2025

පුටින් සමාව ඉල්ලලා

- Advertisement -

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගිය 25 දා කඩා වැටීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් අසර්බයිජාන ජනාධිපතිවරයාගෙන් සහ එරට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ එම ගුවන්යානයයට රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වීමත් සමගයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, රුසියානු හමුදාව විසින් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ එය යුක්‍රේන හමුදාවේ සතුරු ඩ්‍රෝන යානයක් යැයි වරදවා වටහා ගැනීමෙන් බව මේ වන විට අනාවරණය වී ඇති බවයි.

පුටින්ට අමතරව රුසියන් රජය මෙන්ම රුසියාවේ හමුදාව ද මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇතැයි එම වාර්තාවල දැක්වෙනවා.

මේ අතර, රුසියානු ජනාධිපති පුටින්ගේ ශෝක පණිවිඩ නිකුත් කිරීමට පෙරම අසර්බයිජානයේ ගුවන් සමාගම් කිහිපයක් රුසියානු නගර බොහොමයකට ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.

ගුවන් යානය කඩා වැටීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු මෙම අත්හිටුවීම පවතිනු ඇති බවද සඳහන් වනවා.

අසර්බයිජාන මගී ගුවන් යානය කඩා වැටීමට හේතුව රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බව පළමුව අනාවරණය කරන ලද්දේ අමෙරිකාවේ බුද්ධි අංශය විසින්.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අසර්බයිජාන බාකු අගනුවර සිට දකුණු දිග චෙව්නියාවේ ග්‍රෝස්නි අගනුවර තෙක් පියාසර කරමින් තිබූ ගුවන් යානයකටයි.

යානය පියාසර කරමින් තිබූ අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 67 දෙනෙකු ගමන් කරමින් තිබුණා.

ප්‍රහාරයෙන් 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 29 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් වුණා.

අනතුරින් මියගිය 38 දෙනා වෙනුවෙන් අසර්බයිජාන ජනාධිපති ඉල්හාමි අලියෙව් පසුගියදා ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES