32 C
Colombo
Friday, March 29, 2024

පූටින්ට මොළයේ අමාරුවක් – බුද්ධි අංශ

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඩිමෙන්ශියා, පාකින්සන් හෝ පිළිකා සඳහා ලබාදෙන ස්ටෙරොයිඩ් ප්‍රතිකාරයේ ප්‍රතිඵලයක් ලෙස මානසික නොසන්සුන්තාවක් නිසා ඇති වූ මොළයේ ආබාධයකින් පෙළෙන බව බුද්ධි අංශ වාර්තාවක් මඟින් හෙළිව ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

එම බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ
පසුගිය වසර පහක පමණ කාලය තුළ ඔහුගේ තීරණ ගැනීමේදී හඳුනාගත හැකි වෙනසක් සිදුවී ඇති බවයි.

මෙම හෙළිදරව්ව සිදුකරනු ලැබුවේ ක්‍රෙම්ලීනයට සමීප මූලාශ්‍ර උපුටා දක්වමින්, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන ෆයිව් අයිස් බුද්ධි සන්ධානයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් විසිනි.

69 හැවිරිදි ඒකාධිපතියාගේ ‘තඩිස්සි වූ මුහුණ සහ බෙල්ල’ දිගු කාලීන ස්ටෙරොයිඩ් භාවිතයේ ඇතිවිය හැකි අතුරු ආබාධ විය හැකි යැයි ඔවුන් පවසනවා.

රුසියානු ජනාධිපතිවරයාගේ පෙනුම හේතුවෙන් පසුගිය මාස කිහිපය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රශ්න රැසක් මතුවී තිබුණා.

ඔහුගේ මෑත කාලීන ප්‍රසිද්ධ චාරිකා වලදී නැවත නැවතත් ‘අළු සහ පිම්බුණු’ පෙනුමක් දකින්නට ලැබුණු අතර ඔහු සුදුමැලි මළානික සමකින් යුක්ත වූ බවයි පැවසෙන්නේ.

වෙනත් ආරක්ෂක මූලාශ්‍ර පෙන්වා දෙන්නේ පුටින්ට ඔහුව පෞද්ගලිකව මුණගැසෙන අය සති දෙකක කාලයක් නිරෝධායනය වී තිබීම අනිවාර්ය බවයි.

ප්‍රසිද්ධියේ පෙනී සිටීමේදී මිනිසුන් තමාගෙන් සැලකිය යුතු දුරකින් තබාගැනීම සඳහා දිගු මේස භාවිතා කිරීමටද ඔහු තීරණය කර තිබෙනවා.

පසුගිය මාසයේ මොස්කව්හි දී ඔහු ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් හමුවූයේ අඩි 13 ක මේසයක් හරහා සම්බන්ධ වෙමින් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...