29.7 C
Colombo
Thursday, April 25, 2024

පුටින් රටවල් රුසියාවේ ගෑස් බලය පෙන්නන්ට හදයි

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, විදේශීය ගැණුම්කරුවන් තම රටේ ගෑස් සඳහා වන සියලුම ගෙවීම් රූබල්වලින් ගෙවිය යුතු බවට වන නියෝගයකට අත්සන් තබා ඇති අතර ගෙවීම් එසේ සිදු නොකරන සියලුම කොන්ත්‍රාත්තු නතර කරන බව ප්‍රකාශ කර තිබේ.

“කිසිවකු අපට කිසිවක් නොමිලේ විකුණන්නේ නැහැ.අනික අපි පින් කරන්න යන්නෙත් නෑ.එහි තේරුම මෙයට එකඟ නොවන්නෙක් සිටී නම් දැනට පවතින කොන්ත්‍රාත්තු නවත්වන බව” යැයි පුටින් රූපවාහිනි මාධ්‍යය ඔස්සේ පැවසූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ගෙවීම් එසේ සිදු නොකළහොත් එය ගැණුම්කරුවන්ගේ පැත්තෙන් පැහැර හැරීමක් ලෙස සලකන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

රුසියානු ගෑස් විකිණීම සඳහා වන නව නීති “මිත්‍රශීලී නොවන රටවල්” සඳහා අප්‍රේල් පළමුවන දා සිට ක්‍රියාත්මක වන බව ද ඔහු පවසා ඇත.

රුසියාවේ මුදල් ගිණුම් අත්හිටුවූ පසු බටහිරට රුසියානු ගෑස්වලින් කොටසක් නොමිලේ ලැබුණු බව ජනපති පුටින් මෑතක දී සඳහන් කර තිබිණි.

මෙම පියවර ප්‍රතික්ෂේප කරමින් බටහිර සමාගම් සහ ආණ්ඩු පවසා ඇත්තේ දැනට පවතින කොන්ත්‍රාත්තු යටතේ ඩොලර්වලින් සහ යුරෝවලින් ගෙවීම් සිදු කරන බැවින් මෙම නව අදහස කොන්ත්‍රාත්තු කඩ කිරීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...