28.2 C
Colombo
Saturday, April 20, 2024

මෝදි ගැන පුටින් කළ හෙළිදරව්ව

- Advertisement -

මේ වන විට ඉන්දියාව සිය ප්‍රතිවාදීන්ගෙන් පවා පැසසුම් ලබන තත්වයකට පත්ව තිබීම විසින් ගෙවීගිය දශකයක කාලයේදී, රට සිය ප්‍රතිරූපය ලෝකය හමුවේ ගොඩනගාගෙන ඇත්දැයි යන්න මනාව පැහැදිලි වේ. සැලකිවයුතු කාලයක් තිස්සේ ඉන්දියාව සමග එතරම් සමීප සම්බන්ධතාවක් නොතිබුණු ලතින් ඇමෙරිකානු රටවල් පවා මේ වන විට ඉන්දියාව සමග වෙළඳ ගනුදෙනු ශක්තිමත් කිරීම සඳහා ආරාධනා යොමුකරමින් සිටින අතර, අනෙක් පසින් යුරෝපය අඳුරු කළහැකි යුක්රේන අර්බුදය විසඳීම සඳහා ප්‍රංශය සහ ජර්මනිය වැනි ප්‍රබලයන් ඉන්දියාවට ආරාධනා කරමින් සිටි. ක්‍රමිකව වර්ධනය වන ඉන්දීය ප්‍රතිරූපය පිලිබඳ හොඳම නිදසුනක් ලෙස, පසුගිය ඔක්තෝබරයේ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය අගය කරමින් කියා සිටියේ තම පුරවැසියන්ගේ සුබසාධනය සඳහා නිර්භය තීරණ ගැනීමට නොහැකි වූ පාකිස්තානය බටහිරට වහලෙකුව සිටියදී, රුසියාවෙන් රිසි සේ තෙල් ආනයනය කිරීමට ඉන්දියාවට හැකි වූ බවයි. දැන් නැවතත් ඉන්දියාවේ ගුණ ගායනා කරමින් ඉම්රාන් පවසා ඇත්තේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය නිදහස් හා ස්වාධීන බවයි. රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ඉන්දියාව ගත් තීරණය පිළිබඳව සිය පාක්ෂිකයන් සහභාගිවන අන්දෝලනාත්මක ආණ්ඩු විරෝධී පාගමන අමතමින් කතා කළ ඛාන් මෙසේද සඳහන් කළේය.

“අප ඉන්දියාව ආදර්ශයට ගත යුතුයි. අපත් සමගම ඉන්දියාව නිදහස් වුණා. දැන් බලන්න ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය දෙස. ඔවුන් නිදහස් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉන්දියාව එම ප්‍රතිපත්තියේ රැඳීසිටියා. ඔවුන් රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බව පවසමින් තීරණයක් ගත්තා.”

යුක්රේන යුද්ධය මධ්‍යයේ බටහිර රටවල පීඩනය හමුවේ පවා මෝදි රජය රුසියානු තෙල් මිලදී ගැනීම සිය ජාතික අවශ්‍යතාවලට අනුකූලව සකස් කර ඇති ආකාරය පැසසුමට ලක් කරමින් ඉම්රාන් ඛාන් කියා සිටියේ, ඉන්දියාව සහ එක්සත් ජනපදය QUAD සංසදය තුළ මිත්‍ර පාක්ෂිකයන් වන නමුත් ඉන්දියාව සිය පුරවැසියන්ගේ යහපත සඳහා රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි.

පාකිස්ථානය වැනි කරදරකාරී අසල්වැසියන්ගෙන් පවා මෙලෙස ප්‍රශංසාවන් ලබන තරමට ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය අද වන විට සංවර්ධනය වී තිබීම ඇත්තෙන්ම මවිතය දනවනසුළුය. සිය නිදහසින් 75 වසරක් ගතවන් විට, ඉන්දියාව ලොව බලවත්ම ආර්ථික 05 අතරට පැමිණ සිටින අතර, ලෝක බලවතුන් බහුතරය එක පසෙකටවී රුසියාව සමග යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් එදිරිවාදිකම් වර්ධනය කරගනිද්දී, ඉන්දියාව එම බලවතුන් සමග එකම මේසයේ සිට රාත්‍රී ‍‍භෝජනය ගනිමින්, රුසියාවෙන් අඩු මිලට තෙල් සහ ගල්අඟුරු මිලදී ගැනීමට තරම් නිර්භිතවී සිටි. නැතිනම් දක්ෂවී සිටී. අනෙක් අතට ලබන දෙසැම්බර් 01වැනිදා ඉන්දියාවට G20 ලෝක බලවතුන්ගේ සංසදයේ නායකත්වය හිමිවන අතර, පෙරකී ලෙස, තවත් පසෙකින් යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත්වන ලෙස බටහිරින් ආරාධනා ලැබෙමින් පවතී. මේ සියල්ලම අන් කිසිවක් නිසා නොව, ඉන්දියාව සිය විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෑත කාලීනව අත්පත් කරගෙන සිටින දැවැන්ත සංවර්ධනය හේතුවෙන් බව වටහා ගැනීම එතරම් අපහසු නැත.

කෙසේවෙතත් ඉන්දියාව පසුවන්නේ තමන් රැඳී සිටින ලෝකයේ අනුපිලිවෙල කඩිනමින් වෙනස් වෙමින් පවතින පරිසරයකය. ගෝලීය අභියෝග වර්ධනය වෙමින් පවතින දශකයකය. කෙසේවෙතත් 2014 වසරින් අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ වත්මන් ඉන්දියාව මෙම අභියෝගවලට මුහුණදීමට හැකියාවක් සහිත ශක්තියකින් ස්වාධින මාවතකට පිවිස තිබේ.

පසුගියදා රුසියාවේ වැල්ඩායි සාකච්ඡා සමාජය(Valdai Discussion Club) නම් චින්තන පර්ෂදය විසින් පසුගියදා සංවිධානය කරන ලද කතිකාවකට එක්වෙමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැක්ම සහ ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ප්‍රසාදය පලකරනු ලැබුවේ, එම සාර්ථක මාවත ලෝකයේ සෑම කලාපයකින්ම ඇගයීමට ලක්වන බවට තවත් නිදර්ශනයක් සපයමිනි.

“අගමැති මෝදිගේ නායකත්වය යටතේ බොහෝ දේ සිදු කර ඇත. ඔහු තම රටේ සැබෑ දේශප්‍රේමියෙකි. කිසියම් බාධාවක් විසින් ඔහුව රඳවා තබා ගැනීමට හෝ සීමා කිරීමට කුමන උත්සාහයක් දැරුවද, තම ජාතියේ අවශ්‍යතා සඳහා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් රැගෙන යෑමට හැකි ලොව සිටින සීමිත නායකයන් අතුරින් අගමැති මෝදි කෙනෙකි ”යැයි ජනාධිපති පුටින් එහිදී පැවසීය.

යුක්රේනයේ රුසියාවේ ‘මිලිටරි මෙහෙයුමින්’ පසුව රුසියාවේ ක්‍රියාව හෙළා දැකීමට තමන් හා එක්වන ලෙස ඉන්දියාවට බටහිරින් සහ එක්සත් ජනපදයෙන් බලපෑම් එල්ල වී ඇති බව රහසක් නොවේ. යුද්ධයේ ආරම්භක අදියරේදී ඉන්දියාව එම ඉල්ලීමට ප්‍රමාණවත් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් විවේචනයට ලක් විය. කෙසේවෙතත් මෑත මාස කිහිපය තුළ, අගමැති නරේන්ද්‍ර මෝදි විසින් යුද්ධයට සම්බන්ධ දෙපාර්ශවයම සාකච්ඡා මේසයට ගෙන ඒමට දරන ලද උත්සාහයත් සමග, බටහිර නායකයන්ගේ අවධානය, තමන්ගේ පාලනයෙන් ගිලිහි ඇති යුද්ධය වෙනුවෙන්, ඉන්දියාව වෙතට යොමුව තිබේ. ජනාධිපති පුටින් සමඟ පැවති සාකච්ඡාවේදී ‘මෙය යුද්ධයේ යුගයක් නොවේ’ යැයි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අගමැති මෝදිට ප්‍රශංසා කරනු ලැබුවේ සති කිහිපයකට පෙරදීය.

ඉන්දියාව ලෝක ආර්ථිකයට ඒකාබද්ධ වීම යන්නෙන් අදහස් කරන්නේ විදේශ අංශය පෙරට වඩා අද ඉන්දියාවට වඩා වැදගත් බවයි. ඉන්දියාවට ලෝකයේ බලශක්ති සහ වෙළඳ භාණ්ඩ සැපයුම්, තාක්‍ෂණය සහ ප්‍රාග්ධනය, වෙළඳපල වෙත ප්‍රවේශය හා විවෘත අන්තර්ජාතික වෙළඳ පද්ධතියක් අවශ්‍ය බව අද වන විට ජාතික පිළිගනිම බවට පත්ව ඇත. ඒ වෙනුවෙන් සෑම ඉන්දියානුවෙකුටම තම පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ඇති විශ්වාසදායක සමාජය යක් බලගැන්වීම, විශේශයෙන් 2014 බලයට පැමිණි වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දර්ශනය බවට පත්ව තිබේ.
2020 වසරින් අනතුරුව ලෝකය නැවතත් තවත් සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර, පසුගිය දශක 05ක කාලයේ පැවති ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවල සඵලතාවය අඩුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් බටහිර පාලන රේඛාව ඛණ්ඩනය කරමින් චීනය සහ රුසියාව බහුවිධ ඒකාබද්ධ ආක්‍රමණ ඔස්සේ ගෝලීයව බලපෑම් එල්ල කරමින් සිටී. දරිද්‍රතා රෝගය ජය ගැනීමේ දෙවන නිර්ණායකයට අනුව, සිය දේශීය ප්‍රතිපත්ති සාර්ථක කරගැනීම වෙනුවෙන් ඉන්දියාව සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව දැකිය හැකිය.

යුක්රේන යුද්ධයත් සමග රුසියාව විසින් සාම්ප්‍රදායික ගෝලීය නායකත්වයන් වෙත විශාල අභියෝගයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව නේටෝව හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තවදුරටත් බලහත්කාරය යොදවා හෝ ලෝකය පාලනය කළ භූමිකාවෙන් ඉවතට විසිකෙරෙමින් පවතී. එහෙත් ලෝකයට වඩා විශ්වාසදායී විකල්ප නායකත්වයක් තවමත් අවශ්‍ය කෙරේ. ඉන්දියාව 2022 දෙසැම්බර් 01වැනිදා සිට G20 ලෝක බලවතුන්ගේ සංසදයේ නායකත්වයට පත්වන්නේ මෙවැනි පසුබිමකය. ඒ අනුව සිය විදේශ ප්‍රත්පත්තිය සහ ලෝකය වෙත පලකරන හිතෛෂිවන්තභාවය මත එළඹෙන 2023 වසරේදී තමන් විසින් ඉටුකළ යුතු කාර්යභාරයන් රැසක්ම ස්වකැමැත්තෙන්ම ඉන්දියාව විසින් සිය උරමත පටවාගෙන සිටී. ලෝකයට දැන් ඇත්තේ මෙම හැකියාව මතින් ලෝක සාමය සහ වෙළඳ ඒකාධිකාරයන් තුලනය කරන ඉන්දියාවේ ක්‍රමවේදය පිළිබඳව සමීපව නිරීක්ෂණය කිරීමය.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...