28.4 C
Colombo
Wednesday, July 9, 2025

අලි සබ්‍රිගෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට සද්දයක්

- Advertisement -

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමට එම ස්ථානයට ඊයේ (26) පස්‍වරුවේ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතා තර්ජනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඔහු සිය ප්‍රධානීන්ට පැමිණිලි කර තිබෙන බව සඳහන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මක ලෙස දොස් නැගීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ද මතුවි තිබෙනවා.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10 ක පමණ ඉඩමකට කිසිවකුටත් ඇතුළු නොවන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා තහනම් කර තිබියදී පිරිසක් එම ඉඩමට කම්බි ගසා තිබීම සොයා බැලීමට ගොස් සිටියදී මෙම සිදුවිම සිදුවි තිබෙන බව සඳහන්.

මේ අතර එම ඉඩම තමන්ට අයත් බවට පුත්තලම පදිංචිකරුවන් පිරිසක් ඔප්පු පවා ඉදිරිපත් කරමින් ඉඩම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත්දා විරෝධතාවක් ද පවත්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතා පවසා තිබෙන්නේ,

“මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි.එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. ඒයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවිම පමණයි.ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා.ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ.නමුත් එතැන යම් සිදුවිමක් වුණා..මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. එ්ක කාටවත් දෙන්න බැහැ.

අලිසබ්‍රි රහීම් මන්ත්‍රීවරයා පසුගිය දා ගුවන්තොටුපොළ හරහා රත්රන් සහ දුරකතන තොගයක් හොරෙන් රැගෙන ඒම නිසාවෙන් ඔහුට දඩයක්ද පනවනු ලැබු අතර පාර්ලිමේන්තු තහනමකටද ලක්වුණා.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

2030 දී ඩිජිටල් ආර්ථිකයක්

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල්...

POPULAR ARTICLES