29 C
Colombo
Wednesday, March 29, 2023

නිරෝධයන නීති එපා.. මන්ත්‍රීවරු ක්‍රියාවෙන් පෙන්වති..

- Advertisement -

අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් උත්සව, සැමරුම් රාත්‍රී සාද පවත්වමින් නිරෝධායන නීති කඩකරන්නේදැයි සොයා බැලීමට විශේෂ පොලිස් මෙහෙයුම් 31 දා රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙසැම්බර් 29 වන දින මාධ්‍ය හමුවකදී පැවසීය.

රාත්‍රී කාලයේ අවසර නොගෙන කරනා මහජන එකතුවීම්, උත්සව හා සාද පිළිබද සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවන බවත් නිරෝධායන නීති කඩකිරිමේ චෝදනාව යටතේ ඔවුනට එරෙහිව කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එළැබෙන 2021 අලුත් අවුරුද්දට ඇත්තේ තව දින තුනක කාලයක් බැවින් ඒ වෙනුවෙන් පවත්වන සැමරුම් සාද පවුලේ අයට පමණක් සිමා කරගන්නා ලෙස ද ඔහු එහිදී පැවසීය.

එවන් පසුබිමක ආණ්ඩුවේ මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රියසාදවලට සහභාගී වන අයුරු දක්නට ලැබෙන වීඩියෝ පටයක් සහ එහිදී දයාසිරි ජයසේකර, මනූෂ නානායක්කාර, විමල් වීරවංස, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ගී ගයන ඡායාරූප පෙළක්ද දෙසැම්බර් 30 වැනි දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය දක්නට ඇත.

දෙසැම්බර් 28 වන දින ආගමන විගමන දෙපාර්තමේන්තවේ හිටපු ආගමන හා විගමන පාලක ජෙනරාල් මෙන්ම වත්මන් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාද ලෙස කටයුතු කළ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ ප්‍රිය සාදයක් සඳහා මෙම පිරිස සහභාගී වී තිබුණි.

රාජ්‍ය ආයතන ගණනාවක පරිපාලන තනතුරු දැරූ චූලානන්ද මහතා විශ්‍රාම යෑමට තවත් වසර දෙකක් පමණ තිබෙන නමුත් ඔහු හදිසියේ දෙසැම්බර් 31 වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත. කෙසේ වෙතත් මේ වන විටත් ඔහුගේ තනතුරට අනූෂ පැල්පිට මහතා පත් කර ඇත.

උපහාසයට කරුණ වන්නේ විමල් වීරවංශ මහතා පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදී ඔහු සහ ඔහුගේ බිරිඳට, කූඨ ලේඛනවලින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පිළිගත්තේද මෙම චූලානන්ද පෙරේරා වීමය.

කෙසේ වෙතත් පසුගිය සතියෙහි විශාල කතාබහකට තුඩු දුන් අගරපතන ප්‍ර්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පක්ෂ සාමාජිකත්වය මේ වන විට අත්හිටුවා ඇත. එයට හේතුව වී ඇත්තේ ඔහු නිරෝධායන නීතීවලට පටහැනිව කටයුතු කළ බැවිනි. එහෙත් මෙම උත්සවයට සහභාගී වූ මන්ත්‍රීවරුන් හෝ උත්සවය සංවිධානය කළ කිසිවෙකුට එවැනි ක්‍රියාමාර්ගයක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව අප හොඳාකාරයෙන්ම දන්නෙමු.

කෙසේ වෙතත් රටේ දේශපාලනඥයන් සහ චූලානන්ද මහතා වැනි රටේ වගකිව යුතු පුද්ගලයන් මෙසේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩද්දී, රටේ අනෙක් ජනතාවට ඇති වන්නේ අප පමණක් නීතිය රකින්න ඕනෑදැයි වැනි කුකුසකි.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...