27.8 C
Colombo
Thursday, April 25, 2024

Breaking: ගුරුවරුන්ගේ වැටුප් කපනවා කියූ රාජා කොල්ලුරේ පක්ෂයෙන් දොට්ට

- Advertisement -

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු දැරූ පක්ෂ සභාපතීත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ අද (24) පක්ෂ මූලස්ථානයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාව සම්මත වීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. විරසිංහ මහතා මේ පිළිබදව විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බව එම නිවේදනයේ සඳහන්.

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පසුගියදා ප්‍රකාශ කළේ 21 වනදා පාසල් නොපැමිණෙන ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවීමට තමන් කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...