ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අද (02) පැවති විරෝධතාවයකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද සහභාගීවී තිබෙනවා.
“නිදහස් අධ්‍යාපනය සුරකිනු. කොතලාවල පනත හකුලා ගනු” මැයෙන් ජනතාවාදී බුද්ධි මණ්ඩපය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සහභාගීවී සිටි අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද සහභාගීවී සිටීම මේ වන විට සමාජ මාධ්‍ය තුළද දැඩිලෙස විවේචනයට ලක්ව තිබෙනවා.
ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා “නිදහස් අධ්‍යාපනය සුරකිනු” යනුවෙන් පෝස්ටරයක් අතැතිව සිටීම හේතුවෙන්.
පැවති යහපාලන සමයේදී නිදහස් අධ්‍යාපනය හකුළාදමමින් පෞද්ගලික අධ්‍යාපනයට අවස්ථාව සලසන මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටි රාජිත සේනාරත්න මහතා ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කළ පාර්ශව දැඩිලෙස විවේචනය කළා.
එම රජය සමයේ එවක රාජිත සේනාරත්න ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මෙම මැති ඇමතිවරුන් පවසා සිටියේ කුමන බලවේග විරෝධය පලකලද මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කරන බවයි.


