24 C
Colombo
Tuesday, March 21, 2023

රජීව් කපූර් අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ප්‍රවීන හින්දි චිත්‍රපට නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන රජීව් කපූර් හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 58 වන වියෙහි පසුවූ රජීව් කපූර් බොලිවුඩ් සිනමාවේ සුප්‍රසිද්ධ කපූර් පවුලේ සාමාජිකයෙකු වනවා.

හිංදි සිනමාවේ අග්‍රගන්‍ය නළුවෙකු වන රාජ් කපූර්ගේ බාල පුත්‍රයා වන රජීව් කපූර්ගේ සහෝදරයන් වන්නේ ප්‍රවීන බොලිවුඩ් නළුවන් වන රන්ධීර් කපූර් සහ රිෂී කපූර් යන අයයි.

ඔහුගේ සහෝදරයා වන ප්‍රවීන බොලිවුඩ් නළු රිෂී කපූර් පසුගිය වසරේදී අභාවප්‍රාප්ත වුණා.

රජීව් කපූර් ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු චිත්‍රපටය වන්නේ ‘Ram Teri Ganga Maili’ චිත්‍රපටයයි.

රජීව් හා මන්දාකිනි රඟපෑ එම චිත්‍රපටයේ එන ලතා මංගේෂ්කාර් ගයන ‘Tujhe Bulayein Yeh Meri Bahein’ ගීතයේ දිය ඇල්ලක් අසළ දර්ශන පෙලක් හේතුවෙන් එය දැඩි ආන්දෝලනයටද තුඩු දුන්නා.

Zimmedaaar, Naag Nagin,Shukriyaa, Hum To Chale Pardes, Zalzala,Preeti, Ram Teri Ganga Maili, Zabardast, Mera Saathi, Aasmaan, Ek Jaan Hain Hum යනාදී චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුන රජීව් PremGranth චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂණයටද පිවිසියා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.