26 C
Colombo
Wednesday, October 4, 2023

මාධ්‍ය නිදහස සදහා වන සම්මානයේ නාමිකයන් පස්දෙනා අතරට ආචාර්ය රංග කලන්සූරියත්

- Advertisement -

2020 නොවැම්බර් 16 වන දින කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ෆ්‍රොන්ස්වා-පිලිප් ෂැම්පේන් සහ එක්සත් රාජධානියේ රාජ්‍ය සහ විදේශ ප්‍රධාන ලේකම්, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඩොමිනික් රාබ් ‘කැනේඩියානු – එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මානයේ’ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළහ. ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඩ නගන සහ එය ආරක්ෂා කරන මාධ්‍යවේදීන් පුද්ගලයින් සහ සංවිධාන සඳහා ගරුබුහුමන් පෑම සඳහා මෙම සම්මානය හඳුන්වා දී තිබේ.

ගෝලීය නාමයෝජනා 60 කට අධික සංඛ්‍යාවක් අතරින් ලැයිස්තුගත කර ඇති හොඳම පස්දෙනා අතරට බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලාරුස්), සෙන්ට්‍රෝ ඩි ඉන්වෙස්ටිෂන් වයි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා
(මෙක්සිකෝව), මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා එස්කේස් මධ්‍යස්ථානය (ලෙබනනය), ආචාර්ය රංග කලන්සූරිය
(ශ්‍රී ලංකාව) සහ මේරි අජිත් ගොච් (දකුණු සුඩානය) යන අය තේරීපත්ව ඇත.

ආචාර්ය රංග කලන්සූරිය යනු මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (FoE)ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමියෙකි. ඔහු දැනට ශ්‍රී ලංකාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල ප්‍රතිපත්ති උපදේශනය, පර්යේෂණ සහ ධාරිතා වර්ධනය යනාදිය අධීක්ෂණය කරන ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් (IMS) ආයතනයේ ආසියානු කලාපීය උපදේශකවරයා ලෙස කටයුතු කරයි. මීට පෙර ඔහු ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙසත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ්‍ය ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇත.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...