32 C
Colombo
Friday, March 29, 2024

රංගන සහ සුදේව තවදුරටත් අපේ සේවකයන් නොවේ. – ස්වර්ණවාහිනියෙන් පුවත්පත් දැන්වීමක්

- Advertisement -

ස්වර්ණවාහිනී නාලිකාව ඇතුළු විද්යුත් මාධ්‍ය ආයතන හා තවත් ආයතනවල හිමිකාරීත්වය දරණ BEN Holding ආයතනය පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ EAP Broadcasting සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි, ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධාන ලෙස කටයුතු කළ රංගන ද සිල්වා සහ වැඩසටහන් ප්‍රධාන ලෙස කටයුතු කළ කාවින්ද සුරේන් යන අය තව දුරටත් ‍තමන්ගේ කිසිදු සමාගමක සේවකයන් නොවන බවයි.

මේ හේතුවෙන් ආයතනයේ නාමය භාවිත කරමින් ඔවුන් සිදු කරන කිසිදු කටයුත්තකට සිය සමාගම වග නොකියන බව අදාළ පුවත්පත් දැන්වීමේ සදහන් කර තිබෙනවා.

ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් පසුව ඔවුන් තිදෙනා සේවයෙන් පහකිරීමට ආයතන තීරණය කළ බවයි.

කෙසේවෙතත් රංගන ද සිල්වා මහතා තමන් හා තම බිරිද සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හී පලවන අසත්‍ය තොරතුරු පිළිබදව වහාම විමර්ශනයක් කරන්නැයි ඉල්ලා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද භාර දුන්නා.


RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...