29 C
Colombo
Thursday, July 17, 2025

අනුරගේ අභියෝගය රනිල් පිළිගනී

- Advertisement -

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ජාතික ජනබලවේගයේ ඉදිරි සැලසුම වී ඇත්තේ  අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක්ද යන්න පළමුව දැනුම් දිය යුතු බවයි.

එසේ දැනුම්දීමෙන් අනතුරුව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරතුමිය සමඟ සාකච්ඡාවකට එළඹිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

“මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා අපිට කියන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු.” යැයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.”

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (08) ජන රැලියක් අමතමින් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES