රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබෙනවා.
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කොට ඔහු යටතේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට එම සැලසුම වෙනස් කොට සජිත් ප්‍රේමදාස මහතා ජනපති කොට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම දක්වා එම සැලසුම සංශෝධනය වී ඇති බව ගම්මන්පිල මහතා සදහන් කරනවා.
එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පිටුපස සිටින්නේ ලොව බලවත්වම බටහිර රාජ්‍යයක් බවද ඔහු මෙම සාකච්ඡාවේදී පෙන්වා දෙනවා.
එම සාකච්ඡාව පහතින්,