ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් ලබාදීම සදහා තවත් උපදේශකයෙකු ඔහු විසින්ම පත්කරගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය යහපාලන රජයේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වන අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අකිල විරාජ් කාරියවසම් මහතා පරිපාලන කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලෙස ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති.