28.9 C
Colombo
Tuesday, June 24, 2025

රනිල් පොහොට්ටුව විනාශ කළා – ගාමිණි ලොකුගේ

- Advertisement -

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කලහම අපි සමඟ සිටින්නේ කවුරුන්ද කියා අපට දැන ගත හැකි බවයි.

රනිල් වික්‍රමසිංහ හට සහාය දෙන බව මාධ්‍යයෙන් බොහෝ අයගේ නම් පවසා සිටියද, එතරම් ගණ්නක් ඔහුට නොමැති බව තමා පක්ෂයක් ලෙස දන්නා බව ඔහු කියා සිටියා.

ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් පක්ෂය තීන්දුවක් ගැනීමට පෙර පිරිසක් සමඟ ජනාධිපති තීන්දුවක් ගත් බවත් එය පක්ෂයට විශාල ගැටළුවක් බව ඔහු අවධාරණය කළා.

පක්ෂය සමඟ කටයුතු සිදු කරනවා නම් පක්ෂය සමඟ තීන්දු ගත යුතුව ඇති බවත්, එසේ නොමැතිව තැන් තැන්වල ගොස් ජනාධිපති අපේක්ෂකයා යෝජනා කරනවා යැයි පැවසීම සුදුසු නොවන බව ඔහු කියා සිටියා.

ඒ අවස්ථාවේ පක්ෂය අක්‍රිය තත්ත්වයට පත්වූ බව ඔහු අනාවරණ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවැනි අවස්ථාවකදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීන්දුවකට පැමිණි බවත් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිකේෂ කිරීමට කටයුතු කල බවයි.

RECENT ARTICLES - SINHALA

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

POPULAR ARTICLES

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල වනාත ප්‍රදේශයේදී T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු...

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...