28.4 C
Colombo
Friday, April 26, 2024

රනිල් ප්‍රශ්න විසඳලා ඉවරයි..! – වජිර අබේවර්ධන

- Advertisement -

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිටත් රටේ දැවෙන ප්‍රශ්න රාශියකට සාර්ථකව විසඳුම් ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ඒ, ඊයේ (18) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ අනුව, පොහොර ප්‍රශ්නයට මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට ද මේ වනවිට සාර්ථක විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබී ඇති බවයි අබේවර්ධන මහතා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමටත් මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බව පැවසූ ඔහු එම කටයුතු සාර්ථක වෙනතෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙලට සහාය දැක්විය යුතු බව පැවසූ වජිර අබේවර්ධන ඒ අනුව කලබල නොකර ඉවසීමෙන් ජනතාව සිටියහොත් ඉක්මනින්ම ඉතිරි ප්‍රශ්නත් විසඳාගැනීමට හැකිවන බවත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...