හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මැතිවරණ වලට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.
වික්‍රමසිංහ මහතා මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි දේශපාලන බලවේග සඳහා නායකත්වය ලබා දෙනු ඇති බවට විජයවර්ධන මහතා සඳහන් කළා.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී විජයවර්ධන මහතා මේ බව පැවසුවා.
ජාතික ලැයිස්තුවෙන් හෝ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනවාදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා පැවසූයේ ජාතික ලැයිස්තුවෙන් වත් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොඑනු ඇති බවයි.