30 C
Colombo
Tuesday, April 29, 2025

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

- Advertisement -

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබුවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.

ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළා.

එමෙන්ම කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා, උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

එමගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද චෝදනා එල්ල වී ඇති බවට ඔහු සඳහන් කළා.

ඒ අනුව, තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ඉහළට

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව...

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව...

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්න – මහින්ද

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ...

POPULAR ARTICLES