වත්මන් ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරි පත් නොවූනා නම් හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතාගේ දරුවන් වර්තමානය වන විට සිරගත කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, වාද්දුව බටහිර කලාපයේ අද පැවති ජන රැලියක් අතරතුරයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
රනිල් මහත්තයා ආවේ නැත්තම් මහින්ද මහත්තයගේ දරුවෝ ටික අද හිරේ. ඒ විතරක් නෙවෙයි, ඔය ජොන්ස්ටන්ලා, රෝහිතලා ප්‍රසන්න රණතුගලා අද හිරේ ඉන්න ඔනේ අය තමයි එළියේ ඉන්නේ.