23 C
Colombo
Friday, February 14, 2025

රනිල්ට රවීගෙන් බැණුම්

- Advertisement -

එක්සත් ජාතික පක්ෂය වර්තමානය වන විට කිහිපදෙනෙකුගේ අවශ්‍යතවයන් ඉටු කිරීමට පමණක් නැඹුරු වී ඇති බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම කාරණාවක් පිළිබඳවම පුළුල් ලෙස සිතා බලා වැඩ කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, අද (31) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“මම පාර්ලිමේන්තුවේ ඉන්න එකම එක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අපි එදා ඉඳන් කතා කරලා තියෙන්නේ හැමදෙනාම එකට වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි මේක මාධ්‍යවලට විතරක් පෙන්නන්න කතා කිරීමක් නෙමෙයි කරන්න අවශ්‍යය. හැමදෙනාගේ හදවත් තුළින් එකට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක්. මේකේ බල ඉන්නකොට එකක් කියලා විපක්ෂ ඉන්නකොට තවත් දෙයක් කරන ඒ දේශපාලන සූත්‍ර හරියන්නේ නෑ.මං හිතන විදිහට මිත්‍රශීලීව එකට කරන්න පුලුවන්.

එක්සත් ජාතික පක්ෂය වෙලා තියෙන්නේ අද දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ අව්ශ්‍යතාවයන් ඉටු කරන්න පුළුවන් විදිහකට මේක නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා මං හිතන්නේ මීට වැඩිය පුලුල් විදිහට හිතලා වැඩ කරන්න ඕනේ. එතුමා හරි, නමුත් එතුමා ළඟ ඉන්නවා දෙන්නෙක් තුන්දෙනෙක් මේ පක්ෂය එකට වෙන්න ඉඩ දෙන්නෙ නැහැ….

මම පාර්ලිමේන්තුවේ ඉදන් හැම පක්ෂෙත් එක්කම කතා කරනවා.ඒ කතා කරන එකයි ක්‍රියාවයි මේක මාධ්‍යවලට ඇවිල්ලා කියන එක විතරක් නෙමෙයි දැන් එක්සත් ජාතික පක්ෂය ඔහොම කියනකොට රනිල් වික්‍රමසිංහට වැඩිය ජේෂ්ඨම පුද්ගලයා මම.හැබැයි අපට ඔය විවෘත ආරාධනා කරන්නේ. ඉතින් ඒ තුළ මොකද්ද කරන්නේ? ඉතින් මම ඒ ඔක්කොම ඒකරාශි කරලා එකතු කරලා ගෙනියනවා. ඉතින් මම අභියෝග කරනවා මේ මේ විහිළු සපයන්නැතුව අපි ඇත්ත ඇත්ත ආකාරයෙන් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක කතා කරනවා. එතුමත් එක්ක කරන දේයි මේ වෙනින් වන්දිබට්ටයෝ දෙන්නෙක් තුලින් කරන දෙයි එක්සත් ජාතික පක්ෂය නැති කරන ක්‍රියාවක් තමයි කරන්නේ. මම එක්සත් ජාතිය පාක්ෂිකයෙක්. දන්න හැම එක්කෙනාම කියනවා මොකෝ මේ මේ රවීලා යුන්පී කාරයෝ. ඉතින් යූන්පී කාරයෝ එළියට තියලා නැති කට්ටිය ඇතුළට ගන්න එකද මේ කරන්න කියන්නේ. හැබැයි ඒකත් උඩින් ගෞරවයෙන් කරන්න අවශ්‍යයි. මෙතන යම් විදිහකින් පක්ෂේ එළියට ගිහිල්ලා තියෙනවා වෙන මත තුළින්. නමුත් ඒගොල්ලන් ගිහිල්ලා වරප්‍රසාදන අරන් ඇවිල්ල තියෙන්නේ…

අපි පාර්ලිමන්ට් එකේ කවුරුත් දන්නවා ‍රනිල් වික්‍රමසිංහට පසුව ජේෂ්ඨම එක්සත් ජාතික පාක්ෂිකයා මමයි…අපිට කියන්න අවශ්‍ය නෑ කොහොමද එක්සත් ජාතික පක්ෂය හදන්නේ කියලා….”

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES