28 C
Colombo
Saturday, April 19, 2025

මැතිවරණ නීති කඩන රනිල්

- Advertisement -

පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය හේතුවෙන් පසුගිය 18 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වෙන එළැඹෙන 21 වැනිදා දක්වා ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකළ නොහැකි බවට මැතිවරණ කොමිසම නිවේදනය කළා.

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත අනුව එවැනි ක්‍රියාවක් නීතිවිරෝධී ක්‍රියාවක් වන බවත් එවැනි අපේක්ෂකයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.

එවන් පසුබිමක මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඊයේ (19) උදෑසන සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඉන්දියානු Youtube නාලිකාවක විකාශය කර තිබෙනවා.

ඒ අනුව First Post නම් Youtube නාලිකාව හරහා ජනප්‍රිය මාධ්‍යවේදිනියක් වන පල්කි ශර්මා සමඟ මෙරටදී සිදුකරන ලද මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ‘නිහඬ කාලයේ’ තම හඬ අවදි කිරීම විශේෂත්වයක්.

වසර ගණනාවක මැතිවරණ අත්දැකීම් ඇති, මැතිවරණ නීති පිළිබඳව ඉතා හොඳ දැනුමක් ඇති පුද්ගලයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා මෙම සාකච්ඡාවට සහභාගි වීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වන බව දැන දැනම සිදුකරන ලද ක්‍රියාවක් බවට සමාජ මාධ්‍යයන්හී දැඩි විවේචනයට ලක්ව තියෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ගන්නා වූ ක්‍රියාමාර්ගය පිළිබදව සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින සියලු පුරවැසියන් බලාසිටින බවද සමාජ මාධ්‍යයන්හී අදහස් පලව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...