Breaking: රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස පත්කෙරේ

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37/1 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇති බවයි. ජනාධිපතිවරයා මේ වන විට දිවයිනෙන් බැහැරව සිටින බැවින් මෙම තීරණය ගත් බව කතානායකවරයා වෙත ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.