25 C
Colombo
Friday, March 29, 2024

රනිල් පක්ෂ නායකයා වී වසර 27 ක් සපිරෙයි

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ නායකත්වයට පත්වී වසර 27 ක් සපිරෙනවා.

1994 වසරේ නොවැම්බර් මස පක්ෂ නායකයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව වර්තමානය තෙක් අඛණ්ඩව එම පක්ෂයේ නායකත්වය හොබවනවා.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අවස්ථා රැසකදී අර්බුද රැසක් නිර්මාණය වූවද එම අර්බුද සියල්ල ජයගනිමින් ඔහු තවමත් පක්ෂයේ නායකත්වය රැකගෙන සිටිනවා.

පක්ෂ නායකත්වය තමන්ට නොලැබීම නිසාවෙන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතා පසුගිය මහමැතිවරණයට පෙර සමගි ජනබලවේගය නමින් වෙනත් පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණයට මුහුණ දුන්නා.

පැවති මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රී ආසනයක් ජයග්‍රහණය කිරීමට අවස්ථාව නොලැබුණු අතර ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධූරයක් හිමිවුණා.

එම මන්ත්‍රී ධූරයටද යළිත් රනිල් වික්‍රමසිංහ මහතා පත්වී මෙවර පාර්ලිමේන්තුවට පැමිණියා.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයට පත්වන සමයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරූ අතර ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන අය එම පක්ෂයේ නායකත්වයට පත්වුණා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...