27 C
Colombo
Wednesday, March 19, 2025

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

- Advertisement -

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා.

පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ජා පවත්වා තිබෙන බවයි පැවසෙන්නේ.

කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක්.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුලු පිරිසක් සහභාගීවි සිටි බව වාර්තා වෙනවා.

මෙම අවස්ථාවට එක්වු නිමල් ලන්සා මහතා පවසා සිටියේ විශේෂ සාකච්ජාවක් නොතිබු බවත් සුහද හමුවක් තිබු බවයි.

එම සාකච්ඡාව පිළිබඳ අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා,

“සාකච්ඡා සාර්ථකයි. සමගි ජන බලවේගයේ කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ. ඉදිරියේදී සාකච්ඡාවට එයාලත් එකතු වෙයි. පළාත් පාලන මැතිවරණයට ඉදිරියේදී එකට එකතුවෙලා තරග කරනවද, වෙනවෙනම තරග කරනවද කියන එක අපිට ළඟදීම තීරණය කරන්න වෙයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති අනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES