29 C
Colombo
Thursday, October 3, 2024

රනිල්ගෙ තව දෙන්නෙක්ට රනිල් එපා වෙලා

- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට අද (26) සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

එහිදී ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දකුණේ දේශපාලන මතය දිනවිමට සියලු දේශපාලන පක්ෂ වෘත්තිය සමිති ආදී සියලු දෙනා එක්විය යුතු බවයි.

රට මේ වෙලාවේ තිරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරණයේ පරජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට නොපැමි‍ණෙන බවත් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු වරුණ රාජපක්ෂ මහතා පැවසුවා.

මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව ජයගත් අනුර කුමාර දිසානායක මහතාද ප්‍රතිශතය අනුව ජය ගත්තේ දකුණු ඉවුරේ පක්ෂ බවත් දකුණ ඉවුරේ පක්ෂ, කොටස් දෙකකට වෙන් විම නිසා පරාජය වුන බවත් ඔහු සඳහන් කළා.

එසේම මෙහිදී අදහස් දක්වමින් යටිනුවර ප්‍රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා කියා සිටියේ දකුණු ඉවුරේ දේශපාලනය පසුබෑමකට ලක්ව ඇති නමුත් එය රටට අවශ්‍ය බවයි.

එසේම කණ්ඩායම්වලට බෙදුනහොත් රට විනාශ වන බව පැවසු මහේෂ් මහතා වමේ දේශපාලනයෙන් රටවල් දියුණුවි නැති බව සඳහන් කළා

තවද ජනතාව නොමග නොයවා එක් ප්‍රතිපත්තියක් මතයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් අභියෝග රැසක් රටට ඇති නිසා මෙම අභියෝග ජය ගැනිමට දකුණේ කදවුර ශක්තිමත් කළ යුතු බවත් ඒ සදහා සියලු දෙනා එකට එකතු විය යුතු බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් දෙන්න – අධිකරණය

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ මහතාගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...