24 C
Colombo
Tuesday, March 21, 2023

රනිල්ගෙ ජයග්‍රහණය සීයට දාහක් ෂුවර්..! – වජිර

- Advertisement -

ලබන 20 වැනිදා පැවැත්වෙන ඡන්දයේදී ජයග්‍රහණය කරන රනිල් වික්‍රමසිංහ මීලඟ ජනාධිපතිවරයා වීම පිළිබඳ කිසිඳු අවිශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ඒ, පිළිබඳව සියයට දාහකට වඩා විශ්වාස බවයි ඔහු සඳහන් කරන්නේ.

තමන් මීට පෙර දේශපාලනය සම්බන්ධයෙන් පළකළ අනාවැකි සියල්ල නිවැරදි වූ බවත් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන් 140 කට වැඩි ප්‍රමාණයකගේ කැමැත්තෙන් ජනාධිපති තනතුරට පත්වන බවත් වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදීව ආරම්භ කළ අරගලය අවසානයේදී රටම ගිනි තබන තත්වයට පත් වූ බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා පවසන්නේ රට අරාජිකත්වයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක එම අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද එජාප සභාපතිවරයා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.