25 C
Colombo
Friday, March 29, 2024

රන්ජන්ට නිදහස් දවසෙත් නිදහසක් නැහැ

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.

මේ අතර අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමේ කිසිදු පියවරක් පිළිබඳව තමන් නොදන්නා බවයි.

කෙසේ නමුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කළේ රාමනායක මහතා අදට යෙදෙන නිදහස් දිනයේදී බන්ධනාගාරයෙන් නිදහස් වනු ඇති බවට තමාට විශ්වාසයක් පවතින බවයි.

රාමනායක මන්ත්‍රීවරයාගේ නම ජනාධිපති සමාව ලබාදීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයා අද දිනයේදී නිදහස් නොකළහොත් ඔහු නිදහස් කරන තෙක් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සටනක් දියත් කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.

මෙරට 74 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදී සිරකරුවන් 197 දෙනෙකු අද (04) නිදහස් කෙරුණා.

රන්ජන් රාමනායක මහතා නිදහස් කරනු ඇතැයි අපේක්ෂාවෙන් ඔහුගේ ආධාරකරුවන් සිය ගණනකට අධික පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිටිනු දක්නට ලැබිණි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...