32 C
Colombo
Friday, June 2, 2023

සිරදඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායකගේ දුරකථනයක් අත්අඩංගුවට

- Advertisement -

සිරදඬුවම් නියමව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අයත් ජංගම දුරකතනයක් සහ හැන්ඩ් ෆ්‍රී එකක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇතිවු ආබාදයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සඳහා මෙමස 10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකරන ලදි.

ඒ අනුව ප්‍රථිකාර සඳහා බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකගේ වාට්ටුව පරික්ෂා කළ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින්ට එහි තිබී පෙරේදා (21) ජංගම දුරකථනයක් හා හැන්ඩ් ෆ්‍රී එකක් හමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...