29 C
Colombo
Saturday, January 18, 2025

කට උත්තරයක් දෙන්න රන්ජන් CCIDයට

- Advertisement -

රන්ජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අද (31) පෙරවරුවේ පැමිණ තිබෙනවා.

නාමල් කුමාර නැමැත්තා සිදුකළ පැමිණිල්ලක සාක්ෂි ලබාදීම වෙනුවෙන් රන්ජන් රාමනායක මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බවයි වාර්තා වෙන්නේ.

රංජන් රාමනායක පැවසූ බව කියමින් නාමල් කුමාර විසින් කාදිනල්තුමාගේ බව කියන හඬ පටයක් ගැන පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ඔහු කිසිදිනෙක නාමල් කුමාර නමැති පුද්ගලයෙකු හෝ සහරාන්ව දැක නොමැති බවයි.

“මං කවදාවත් කතා කරලවත් නැති, දැකලවත් නැති,දුරකථනයෙන් වත් කතා කරලා නැති  පුද්ගලයෙක් මට එරෙහිව පැමිණිල්ලක් දාලා තිබුණා මේ පැමිණිල්ල දාල තිබුණේ මම අතේ උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට අගෞරව කරා කියලා, මම නම් හිතන්නේ මේක එතුමා අති උතුම් තනතුරකට ඉදිරිපත් කර වෙලාවක එතුමාට අපහාස කරන්න මාව යොදාගෙන තිබුණා. ඉතින් මම ඒක නිර්දෝෂි බව කියන්න කාරණා ඉදිරිපත් කළා.

අවුරුදු හතරකට පෙර කියපු කතාවක් කියල ඒ අය කියනවා. මම එහෙම කතාවක් කියල නෑ. ඒ අය කියනවා අවුරුදු හතරකට නෙවෙයි ඊට ඉස්සර දෙයක් වුණත් පරීක්ෂණයක් කරන්න ඕන කියල.

ඒ වගේම ජූඩ් කිසාන්ත පියතුමා පැහැදිලිව මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා මෙතන රන්ජන් රාමනායක කිසි ප්‍රශ්නයක් නැහැ කියල.

මම හැමදාම තිත්ත ඇත්ත කතා කරනවා. ඔය කියන පුද්ගලයා මං අඳුරන්නෙත් නෑ  මම ඔය පුද්ගලයාගේ නම කියන්නත් කැමති නෑ. ඔහු කියනවා මාව හිරේ දාන්න ඕන කියලා. ඒ කියන්නේ ඔහු ගරු විනිසුරුවරයෙක්ද”

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES