26 C
Colombo
Friday, December 8, 2023

රශ්මිකා මන්දනාගේ ව්‍යාජ වීඩියෝ පටයකින් ඉන්දියාව කැළඹෙයි

- Advertisement -

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී රශ්මිකා මන්දනාගේ මුහුණ යොදා ගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ පටයක් මේ දින වල සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් මතු කර තිබෙනවා.

මෙහි මුල් වීඩියෝව සාරා පටෙල් නම් බ්‍රිතාන්‍ය-ඉන්දීය ජාතික කාන්තාවක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කර ඇති අතර ඇය විදුලි සෝපානයකට ගොඩ වෙන අයුරු එහි දැක්වෙනවා. 

ඩීප් ෆේක් තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ පටය හේතුවෙන් තමා බියට පත්ව ඇති බව රශ්මිකා මන්දනා සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබුණා.

ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇයට පමණක් නොව, තාක්‍ෂණය අවභාවිත කිරීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වෙන සෑම කෙනෙකුටම මෙය බියජනක අත්දැකීමක් බවයි.

“කාන්තාවක් වශයෙන් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙනුත් මෙවැනි අවස්ථාවක මට ආරක්ෂාව සහ සහයෝගය ලබා දෙන මගේ පවුලේ අයට, යහළුවන්ට සහ හිතවතුන්ට  මම ස්තූතිවන්ත වෙනවා. කෙසේවෙතත් පාසලේ හෝ විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ මෙවැනි දෙයක් සිදු වුණා නම් මම එයට කොහොම මුහුණ දෙයිද කියලා අවංකවම මට හිතා ගන්න බැහැ. මේ විදියට අපේ අනන්‍යතාව අවභාවිත කිරීම තුළින් බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙන්න කලින් සමාජයක් විදියට කඩිනමින් මේ වගේ දේවල්වලට විරුද්ධව  පියවර ගැනීම වැදගත්..” යනුවෙන් ඇය එම සටහනෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, මෙවැනි ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කිරීමට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් බච්චන් පවසනවා.

සාරා පටෙල් නම් බ්‍රිතාන්‍ය-ඉන්දීය ජාතික කාන්තාවක් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කළ වීඩියෝවකට රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා සැකසු වීඩියෝවක් පසුගිය දිනවල දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන් ගෙන තිබූ අතර ඊට විරෝධය පළ කරමින් ඔහු මේ බව සිය X ගිණුමෙහි සටහන් කර තිබෙනවා.

මීට අමතරව රශ්මිකා මන්දනාට සිදුවූ මෙම සිදුවීමට විරෝධය පළ කරමින් ඉන්දීය සිනමා තරු රැසක් සිය X ගිණුම්වල හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල සටහන් තබා තිබුණා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...