27.8 C
Colombo
Thursday, April 25, 2024

රැට්ටා, වසන්ත, ළහිරු පොලීසියට භාරවෙයි (වීඩියෝ)

- Advertisement -

ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව ඇති බවට පොලීසිය නිවේදනය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අද (22) මරදාන පොලීසියට පැමිණ භාරවුණා.

ඒ අනුව රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි යන අය පොලීසියට භාරවී තිබෙනවා.

කෙසේවෙතත් මැයි 09 ප්‍රහාරයට අදාළව වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය අත්අඩංගුවට නොගෙන අදට මාසයකුත් දින 07 ක් ගෙවී අවසන්.

එහෙත් ඔහු සුපුරුදු පරිදි පොලිස් මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදුකරමින් සිටීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...