ඉන්දියානු මහ බැංකුව මාස්ටර් කාඩ් මත පනවා තිබූ ව්යාපාරික සීමාවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ගෙවුම් පද්ධති දත්ත ගබඩා කිරීම පිළිබඳ ඉන්දියානු මහ බැංකු චක්රලේඛයට අනුකූල නොවීම හේතුවෙන් පසුගිය වසරේ ජුලි 14, 2021 දින සිට මාස්ටර්කාඩ් වෙත සීමා පනවා තිබිණ.
මාස්ටර්කාඩ් සතුටුදායක අනුකූලතාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පනවා තිබු සීමා ඉවත් කල බව ඉන්දීය මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම රීතියට අනුව, කාඩ්පත් සහ පාරිභෝගිකයා සම්බන්ධ දත්ත ගබඩා කරන සියලුම විදේශීය ගෙවීම් ක්රියාකරුවන් ඉන්දියාවේ භෞතිකව පවතින සේවාදායකයන් තුළ එසේ කළ යුතුය.
තහනම ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් මාස්ටර්කාඩ් විසින් අගය කර ඇති අතර එහි ප්රකාශකයෙකු වැඩිදුරටත් පැවසුවේ ඔවුන් තවදුරටත් ඉන්දියාවේ ආයෝජනය කරන බවයි.
ඉන්දියාවේ සියලුම බලපත්රලාභී සමාගම්වල ප්රධාන විධායකයින්ට නිකුත් කරන ලද දැනුම්දීමක් හරහා ඉන්දීය මහ බැංකුව ඉන්දියාවේ ගෙවීම් පද්ධති ක්රියාකරුවන් සඳහා දත්ත ගබඩා කිරීමේ සම්මතයන් දැඩි කර තිබේ.