30 C
Colombo
Saturday, June 25, 2022

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

- Advertisement -

2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට තීරණය කලේය.

නීතිවේදියකු පමණක් නොව සමාජ ක්‍රියාකාරිකයකුද වූ ප්‍රශාන්ත් භූෂාන් විසින් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරන අගවිනිසුරන් හතර දෙනෙකු ඉලක්ක කර යනව ලද ටීවිටයක් නිසාය.

මෙම නඩුව ඉන්දියාවෙහි මහත් විවාදයකටද මුල පිරුවේය. ප්‍රශාන්ත භූෂාන්ගේ ප්‍රකාශනයේ නිදහසට වැට බැදිය යුුතු නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෝ පවා අදහස් දැක්වූහ.

නමුත් නඩු තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ අධිකරණය දුෂිත වි ඇත්නම් එය අභ්‍යන්තයේ සාකච්ජා කළ යුතු දෙයක් බවයි.

එසේ වෙතත් අධිකරණය ප්‍රශාන්ත් භූෂාන්ට සමාව යැදීම පිනිස තීන්දුව දීමට නියමිත දිනය වූ අගොස්තු 25දා යළි එම දිනය 31දා දක්වා කල් දමන ලදී.

නමුත් තමා වරදක් කර නැති බැවින් සමාව ඉල්ලීමට සූදානම් නැතැයි ප්‍රශාන්ත් භූෂාන් ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශය ගැන කනස්සලලෙන් කතා කළ විනිසුරු මිශ්‍රා “සමාව ඉල්ලීම” යන වචනය භාවිතා කිරීමේ වරද කුමක්දැයි අපට කියන්න. සමාව ඉල්ලීම බොහෝ දේ සුව කළ හැකි ඉන්ද්‍රජාලික වචනයකි,” යැයි ද කීවේය.

ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි තීරණය ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට නියම කළේ ඉන්දියානු රුපියලක දඩයකි.

එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිර දඩුවමක්ද වසර තුනක් නීතිවෘත්තියේ යෙදීමද තහනම් කැරෙන බවද තීන්දුවේ සඳහන් විය.

භූෂාන් රුපියල ගෙවමින් කියා සිිටියේ තමන් නඩු තීන්දුව පිළිනොගන්නා නමුත් අධිකරණ නියෝගයකට පිටුපාන්නේ නැති බවයි.

අධිකරණ අපහාසය වෙනුවෙන් දීර්ඝ සිර දඩුවම් නියම කිරීම බෙහෝ රටවල සිදු නොවේ. එනමුත් බොදු බල සේනා නායක ඥණසාර හිමිට අධිකරණ අපහාසය වෙනුවෙන් සය වසරක සිරදඩුවමක් ලබා දෙන ලදී. ඒ අධිකරණය ශාලාවට ඇතුල් වී අධිකරණයට තර්ජනය කීරීමක් සම්බන්ධයෙනි.

ජනාධිපති සිරිසේන විසින් එහිමියනට සමාව දී නිදහස් කරන ලද නමුත් එම සමාව දීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වැනි සිවිල් සමාජ සංවිධාන අධිකරණයෙහි නඩු පවරන ලද බවද අප මතක තබා ගත යුතුය.

ශ්‍රි ලංකාවේ ආණ්ඩු පමණක් නොව සිවිල් සමාජ කණ්ඩායම් පවා අධිකරණ අපහාසයේ පිහිට පතා තිබේ. රජයේ වෛද්‍ය සංගමයේ ප්‍රධානී අනුරුද්ධ පාදෙනියට විරුද්ධව අධිකරණයට අපහාස කළැයි චෝදනා කරන ලද්දේ ප්‍රසිද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ගාමිනී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසිනි.

-srilankabrief

RECENT ARTICLES - SINHALA

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු ආධාර තොගයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් ඊයේ...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...