24 C
Colombo
Sunday, February 16, 2025

අස්වැසුම යළි සමාලෝචනය කරනවා – අනුර

- Advertisement -

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් ලබන ජුනි මාසයේ යළි සමාලෝචනයක් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (21) පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ,

අස්වැසුමේ ඛාණ්ඩ තුනක් තියනවා……ලක්ෂ හතරේ ඛාණ්ඩ දෙකක් තියනවා මේ දෙසැම්බර් මාසේ 31වල ඉවරයි.ලක්ෂ හතරක පවුල් සංඛ්‍යාවකුත් තව ලක්ෂ හතරක පවුල් සංඛ්‍යාවකුත් මේ දෙසැම්බර් මාසේ 31 ඉවත් වෙන්න තිබුණා. කොවිඩි වසංගත තත්වය නිසා,ආර්ථික ලෙස අවධානමට වැටුන පවුල් නෙමෙයි විශේෂ තත්වයක් නිසා අවධානමකට වැටුන පවුල් හා ආර්ථික කඩා වැටිම නිසා අවධානමට වැටුන පවුල් කියලා පවුල් ලක්ෂ හතරේ ඛාණ්ඩ දෙකක් තිබුණා.මේ ඛාණ්ඩ දෙක දෙසැම්බර් 31 ඉවත් කරන්න තිබුණා.එක ඛාණ්ඩයක් මාර්තු 31 දක්වා දීර්ඝ කළා.තව ඛාණ්ඩයක් දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කළා.ඒ ලක්ෂ 8 ඇරුනම අස්වැසුම ගන්න පවුල් දාහත් ලක්ෂයක් ඉන්නවා……දැනට අස්වැසුමේ යාන්ත්‍රනය මේක..හැබැයි මෙතන අර්බුදයක් තියනවා.ආධාර ලැබිය යුතු කණ්ඩායම ඉලක්ක කරලා ආධාර දීම….කැමති වුනත් අකමැති වුනත් ආධාර දීම සඳහා තියෙන දත්ත පද්ධතිය තමයි අස්වැසුම.ආධර ලැබිය යුතු කණ්ඩායම ලෙස තියෙන්නේ අස්වැසුමේ දත්ත පද්ධතිය.ආධාර වැඩසටහන් සම්බන්ධ කරනවා අස්වැසුමේ දත්ත පද්ධතිය එක්ක.

6000 දීමනාව දෙන්න යන විට තියන දත්ත පද්ධතිය අස්වැසුම.අස්වැසුම ලබන පවුල්වන පාස් යන දරුවන්ට 6000 දීමනාව දුන්නා.දුන්නම ගම්වලින් ප්‍රශ්න ආවා අස්වැසුම ගන්න අයට තමයි ඔක්කොම දෙන්නේ කියලා……ඊලග දත්තයට අපි ගියා ළමයි 300 අඩු පාසල් ඔක්කොටම දීමනාව දෙනවා කියලා….අස්වැසුම ලබන පවුල් වලට සහ ළමයි 300ට වඩා අඩු පාසල්වල ළමුන්ට 6000 දීමනවා දෙනවා.ඒත් ආධර ලැබිය යුතු කණ්ඩායමක් ඉන්නවා.ඒ නිසා ආධාර ලබා ගතයුතු හරි දත්ත පද්ධතියක් ඕන…මේ අවුරුද්දේ බිලියන 220 අස්වැසුම ආධාරවලට වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා…. මේ දත්ත ඔක්කොම වෙනම දත්ත ඇතුල් කරලා මෘදුකාංග පද්ධතියකින් තෝරාගත්ත දත්ත මේ තියෙන්නේ.එතකොට මෘදුකාංග පද්ධතිය කියවන්නේ ඇත්ත භෞතික පවුල නෙවෙයි දත්ත මත එන පවුල. ඒ නිසා මේකේ විකෘතියක් තියෙනවා. ඒ නිසා අපි ජූනි මාසයේ නැවත සමාලෝචනයක් කරනවා..

ඔතන තිබ්බේ මෙහෙමයි 8,500යි 15,000යි තමයි ඛාණ්ඩ දෙක තිබුණේ. 8,500 කාණ්ඩේ අපි නොවැම්බර් මාසයේ 10,000 දක්වා වැඩි කළා.15,000 කාණ්ඩය 17,500ල් දක්වා වැඩි කළා.අපි දැනට චක්‍රලේකනයක් නිකුත් කළා.”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES