30 C
Colombo
Sunday, December 3, 2023

පුද්ගලික මුදලින් කොවිඩ් සිරුරු ආදාහනය කිරීමට සූදානම් අමාත්‍යවරයෙක්

- Advertisement -

කොවිඩ් සිරුරු ආදාහනය උදෙසා තමාගේ පෞද්ගලික මුදල් ලබාදීමට සූදානම් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ, දඹුල්ල මූලික රෝහලේ කොවිඩ් රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිකරන ලද වාට්ටුව රෝහලට භාර දීමේ අවස්ථාවට ඊයේ (14) දින සහභාගී වෙමින්.

කොවිඩ් වෛරසය ශරීරගතව මියයන පුද්ගලයන්ගේ ආදාහන කටයුතු සඳහා මුදල් ලබා නොගන්නා ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා හැටියට දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයකට නියෝග කොට ඇති බව මාධ්‍ය අමතමින් ඔහු පවසා සිටියා.

කෙසේ නමුත්, යම් පළාත් පාලන ආයතන‍යකට එසේ කිරීමට නොහැකි නම්, එම මුළු මුදල තමාගේ පෞද්ගලික මුදලින් අදාල පළාත් පාලන ආයතනයට ලබාදීමට සූදානම් බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...