පවතින කොවිඩ් වසංගත තත්වය රටෙන් තුරන් කිරීම උදෙසා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදීමට රජය සූදානමෙන් සිටින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ජනපතිවරයා විසින් මේ වන විටත් ඊට අදාල කටයුතු සූදානම් කර ඇති බවයි.
එන්නත ලබාගත් පුද්ගලයන් හඳුනා ගැනීම උදෙසා හැඳුනුම්පතක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක්ද යෝජනා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.
මෙරට කොවිඩ් මරණ අතුරින් බහුතරයක් එන්නත ලබා නනොගත් අය බවට දත්ත වාර්තා අනුව හෙළිවන බැවින් මෙරට සමස්ත ජනතාවටම කඩිනමින් එන්නත ලබාදීමට රජය කටයුතු කරන බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.